ශදුඅත සංකල්පය හෙවත් SWOT analysis කීව ගමන් අපිට මතක් වෙන්නෙ කළමනාකරණයට අදාළව ව්‍යාපාර පරිසර ගවේෂණය තුළ අපි කතා කරන ශදුඅත සංකල්පයයි.ව්‍යාපාරයක් සාර්ථක කරගන්න වගේම අපිට අපේ ජීවිතය සාර්ථක කරගැනීමටත් මෙම සංකල්පය අදාළ කරගත හැකියි.මේ ලිපිය තුළින් අපි ඔබට ලබාදීමට උත්සාහ ගන්නේ ජීවිතය සාර්ථක කරගැනීමට ශදුඅත සංකල්පයේ භාවිතය පිළිබඳවයි.
- මොකක්ද මේ ශදුඅත සංකල්පය ;
S - Strength ( ශක්තීන් )
W - Weaknesses ( දුර්වලතා )
O - Opportunities ( අවස්ථා )
T - Threats ( තර්ජන )
- අභ්‍යන්තර හා බාහිර ලෙස ;
ඉහත දැක්වූ ප්‍රධාන කරුණු කිහිපය අභ්‍යන්තර සාධක හා බාහිර සාධක ලෙස වර්ග කළ හැකිය.ඒ අනුව ශක්තීන් හා දුර්වලතා යනු ඔබ තුළම ඇති දේවල් වේ.එමෙන්ම අවස්ථා හා තර්ජන යනු බාහිරව ඇති තත්වයන් වේ.එමෙන්ම ශක්තීන් හා අවස්ථා ඔබට ඇති ධනාත්මක උත්තේජන ලෙසත් දුර්වලතා හා තර්ජන ඔබට ඇති සෘණාත්මක උත්තේජන ලෙසත් තවදුරටත් විස්තර කළ හැකිය.
- එකිනෙක හඳුනාගනිමු ;
ඉහත දැක්වූ කරුණු එකිනෙක විස්තර කරගැනීම තුළින් අපි වර්ධනය කරගැනීමට අවශ්‍ය සහ බැහැර කිරීමට අවශ්‍ය මොනවාද යන්න පිළිබඳව ඔබට නිවැරැදි අවබෝධයක් ලැබෙනු ඇති ...
ශක්තීන් :
ශක්තීන් යනු නිරායාසයෙන්ම ඔබ තුළ ඇති ධනාත්මක උත්තේජන ගණයෙහිලා කතා කළ හැකි කරුණකි.ඔබට ඇති අධ්‍යාපන සුදුසුකම් ,ඔබ සතුව ඇති කුසලතා ,ඔබට හැකි දේවල් ,ඔබට ඇති දැනුම ,ඔබේ ආකල්ප ,තාක්ෂණික කාරණා පිළිබඳව ඇති දැනුම ,ඔබ ලබා ඇති අත්දැකීම් ,පළපුරුද්ද ,ඔබ ගොඩනගාගත් වටිනාකම් යනාදි සියල්ලම ඔබ තුළ ඇති ශක්තීන් ලෙස පෙන්වාදිය හැකිය.අප කළ යුත්තේ මේවා තවත් වර්ධනය කරගැනීමට උත්සාහ ගැනීමයි.එනම් ඔබ සතුව ඇති ශක්තීන් යනු ඔබව බබළවන ආභරණයක් බඳුය.
දුර්වලතා :
මෙයද ඔබ තුළම ඇති අභ්‍යන්තර නමුත් සෘණාත්මක කරුණකි.ඉහත ශක්තීන් ලෙස දැක්වූ සියල්ලෙහිම අවම බව හෝ ඒ සියල්ලම ප්‍රමාණවත් පරිදි නොමැති නම් ඒවා දුර්වලතා ලෙස හඳුනාගත හැකිය.උදාහරණයක් ලෙස ඔබට තාක්ෂණික කරුණු පිළිබඳව දැනුම නොමැති නම් එය ඔබේ දුර්වලතාවයකි.එසේ නම් අප කළ යුතු වන්නේ මෙම දුර්වලතා ශක්තීන් බවට පරිවර්තනය කරගැනීමයි.
අවස්ථා :
අවස්ථා යනු බාහිර ලෙස ඔබට ඇති ධනාත්මක උත්තේජනයන් වේ.එනම් ඔබේ දැනුමට ඔබේ හැකියාවට ඔබේ අත්දැකීම්වලට සරිලන පරිදි බාහිර පරිසරය තුළ ඔබ වෙනුවෙන් නිර්මාණය වී ඇති තත්වයන් වේ.උදාහරණයක් ලෙස ඔබට රසවත් ලෙස ආහාර සැකසීමට හැකි නම් එය ඔබට ඇති ශක්තියක් සේම එතුළින් ඔබට හොඳ ව්‍යාපාර අදහසක් ක්‍රියාත්මක කරමින් වෙළෙඳපොළ තුළ ඔබේ නිෂ්පාදන වෙනුවෙන් අවස්ථාවක් ලබාගත හැකිය.එසේ නම් අවශ්‍ය වන්නේ ඔබ ඔබේ ශක්තීන් වර්ධනය කරගැනීමයි.ඊට සාපේක්ෂව බාහිර සමාජයේ ඔබ වෙනුවෙන් අවස්ථාවන් නිරායාසයෙන්ම නිර්මාණය වේ.
තර්ජන :
මෙයත් බාහිර සාධකයක් ලෙස ගතහැකි සෘණාත්මක උත්තේජනයකි.එනම් ඔබ කරන කියන සහ ඔබ ගන්නා උත්සාහයන් පසුගාමි කරවන තත්වයන් වේ.ඔබට ඇති තරගකාරිත්වය ,නීතිමය තත්වයන් ,අනවශ්‍ය ලෙස ඔබව පාලනය කිරීම් යනාදියත් ඔබේ ඇති දුර්වලතා නිසාවෙන් ඔබට ඇතිවන තර්ජන ලෙසත් දැක්විය හැකිය.රැකියාවෙන් ඉහළට යාමට ඔබට ඇති එකම තර්ජනය ඔබේ දැනුම මදිකම හෝ ඔබේ අධ්‍යාපන සුදුසුකම් අවම වීම විය හැකිය.එසේ නම් තර්ජන සදහා සාර්ථක ලෙස මුහුණදීමට ද ඔබට කළ හැකි වන්නේ ඔබ තුළ ඇති ශක්තීන් වර්ධනය කරගැනීමයි.කෙසේවත් පාලනය කළ නොහැකි තර්ජනයන් ද ඇතැම් විට තිබිය හැකිය.ඒ අතර දේශපාලනය වැනි කාරණා දැක්විය හැකිය.එවන් අවස්ථාවල අපි කළ යුත්තේ ඉවසීමෙන් කාලයට ඉඩදීමයි.
දැන් ඔබට මෙම සංකල්පය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති.ජීවිතය සාර්ථක කරගැනීමට ඔබත් මමත් යන මේ ගමනේදි ප්‍රායෝගික ලෙසම අපිට මෙය ක්‍රියාත්මක කළ හැකියි.ව්‍යාපාර කළමනාකරණය ආශ්‍රිතව සැකසුණු මෙය නිරායාසයෙන්ම ඔබටත් ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගැනීමට ද යොදාගත හැකිය.මෙහි අභ්‍යන්තර කරුණු සෘජු ලෙසත් බාහිර සාධක වක්‍ර ලෙසත් ඔබේ මැදිහත්වීම මතම ධනාත්මක ලෙස වෙනස් කරගැනීමේ හැකියාව ද ඔබ සතුය.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings